ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් හට නිල පත්වීම් ලබාදීම ඊයේ සිදුකෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ පාලන පද්ධතිය විධිමත් කිරීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම්කළේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්. මීට සාමාජිකයින් 09 දෙනෙකු ඇතුළත් වුණා.
ඊයේ දිනයේදී සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර් යන මහත්වරුන් සහ අවංති කොළඹගේ මහත්මිය, ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.
මේ අතර කමිටුව සඳහා නම් කර ඇති හිටපු ක්‍රීඩකයින් වන රොෂාන් මහනාම සහ කුමාර් සංගක්කාර මේ වනවිට දිවයිනෙන් බැහැරව සිටින බැවින් ඔවුන් පැමිණි වහාම එම පත්වීම් භාරගැනීමට නියමිත බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.