ඩුබාහී පැවැත්වුණු ILT20 ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ ඩෙසර්ට් වයිපර්ස් හා MI එමිරේට්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 46කින් ජයගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම පළමු වරට මෙම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනා MI එමිරේට්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඩ් මුලින්ම පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව වයිපර්ස් කණ්ඩායම සිය ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබාගත්තා.
වයිපර්ස් කණ්ඩායම වෙනුවෙන් එහි නායක සෑම් කරන් නොදැවී ලකුණු 74ක් හා මැක්ස් හෝල්ඩන් ලකුණු 41ක් ලබාගත්තා. එමිරේට්ස් කණ්ඩායම වෙනුවෙන් ෆසල්හක් ෆරූකි කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ MI එමිරේට්ස් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 136ට දවාගැනීමට වයිපර්ස් පන්දු යවන්නන් සමත් වුණා. ඩේවිඩ් පේන් හා නසීම් ෂා කඩුලු 3 බැගින් දවාගත් අතර එමිරේට්ස් වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 36ක් ලබාගත්තා.
ඒ අනුව මේ තරගය ලකුණු 46කින් ජයගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම පළමු වරට මෙම ILT20 ශූරතාවය දිනාගත්තා.
අවසන් මහා තරගයේ හා තරගාවලියේ වීරයා ලෙසත්, හොදම පිතිකරුවා ලෙසත් සෑම් කරන් නම්කෙරුණා.
එසේම මේ තරගාවලියේ හොඳම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙස හ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක නම් කෙරුණා. ඔහු නියෝජනය කළේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.
ILT20 කිරුළ පළමු වතාවට ඩෙසර්ට් වයිපර්ස් දිනාගනී