අඟහරුවාදා, නොවැ. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තය සමග දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    කඩුලු 9ක ජයක් ලබමින් ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලානය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ විද්‍යාලීය ක්‍රීඩාංගණය සංවර්ධනයට රුපියල් මිලියන 50.5 ක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ විද්‍යාලීය ක්‍රීඩාංගණය සංවර්ධනයට රුපියල් මිලියන 50.5 ක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 10, 2026
බෙදාගන්න

දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පුනරුදයක අරුණලු සපයමින්, මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය යටිතල පහසුකම්වලින් සමන්විත පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය 2026 නොවැම්බර් මස 09 වන අද දින පැවැත්විණි.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළාත් මට්ටමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු පිරිවැය රුපියල් 50,500,000.00 (මිලියන 50.5) කි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මීගමුව මහ නගර සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් පාසල් දරුවන්ට පමණක් නොව සමස්ත ප්‍රදේශයටම ක්‍රීඩාවෙන් ජයග්‍රහණ අත්පත් කරගැනීමට මෙන්ම නිරෝගී මානව සම්පතක් ගොඩනැගීමට සුරක්ෂිත මගපෑදීමක් සිදුවේ.

තවද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අදහස් දක්වමින් අවධාරණය කළේ, රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සංකල්පයට අනුකූලව රට තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අමාත්‍යාංශයේ මූලික ඉලක්කය බවයි.

“අපේ බලාපොරොත්තුව තියෙන්නේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරනවා හා සමගාමීව ජාත්‍යන්තර තලයේ පදක්කම් දිනීම කියන මාතෘකා දෙකම එකට ඉස්සරහට අරගෙන යාමයි. ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් නැංවීම තුළින් ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට අවශ්‍ය මූලික පදනම මෙලෙස සකස් වෙනවා.” — ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා

එමෙන්ම කටාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා සභාව අමතමින් පැවසුවේ, 2026-2029 කාලපරිච්ඡේදය සඳහා ජාතික ජන බලවේග රජය විසින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රීඩාපිටි 400 ක් සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි.

ක්‍රීඩා පිටිය යනු හුදෙක් භෞතික ස්ථානයකට වඩා ජීවිතය ඉගෙන ගන්නා පාසලක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජය පරාජය විඳදරාගැනීම, අන්‍යයන් ඉවසීම, අභියෝග ජයගැනීම සහ විනයගරුක පෞරුෂයක් ගොඩනැගීම ක්‍රීඩාංගණය තුළදී සිදුවන බව සඳහන් කළේය. රජයේ ප්‍රතිපත්තිය යටතේ පහත සඳහන් මූලික ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත:

  • ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීම: පාසල් පද්ධතිය තුළ ක්‍රීඩා අධ්‍යාපනය සක්‍රීය කිරීමට අවශ්‍ය මානව සම්පත සපයා දීම.
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සබල ගැන්වීම: ආබාධ සහිත දරුවන්ට ක්‍රීඩාවට යොමුවීමට ඇති හැකියාවන් සොයාබලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම.
  • සෑම දරුවෙකුටම ක්‍රීඩා අවස්ථාවන් සැලසීම: සියලුම සිසුන් ක්‍රීඩාවකට සහභාගී කරවීම සඳහා යටිතල පහසුකම් හා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සකස් කිරීම.
  • සමාජීය සහජීවනය සහ සජීවීව පවත්වාගෙන යාම: ඉදිකෙරෙන ක්‍රීඩාංගණය අක්‍රීය වීමට නොදී, එය සජීවීව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් සතු බව අවධාරණය කිරීම.

මෙම අවස්ථාව සදහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, කටාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චම්පික හෙට්ටිආරච්චි මැතිතුමා, මීගමුව මහානගර සභාවේ නගරාධිපති ගරු දුලිප් චාමර ප්‍රනාන්දු මැතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්වාරච්චි මැතිනිය, මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. එල්. ඒ. එස්. කඹුරුගමුව මැතිතුමා, මීගමුව ක්‍රිස්තු රාජ මහ විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. කේ. පී. කේ. ප්‍රනාන්දු මැතිතුමා , මීගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්, කලාප හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දැරියන් ඇතුලු පිරිසක් සාහභාගි විය

පෙර ලිපිය යාපනයේ මණ්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ සිට යළි ඇරඹේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

නිපුනි වාසනා පළමු රන් පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානය පිට පිට දෙවන විස්සයි විස්ස ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?