ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් 13 වැනි වරටත් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා.
ඒ හංගේරියානු ගෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී.
ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් මෙහිදී දැක්වූ දක්ශතාව මීටර 6.29ක්.
පසුගිය ජූනි මාසයේදී ඔහු මීටර් 6.28ක් දක්ශතාවක් දක්වමින් මීට පෙර ලෝක වාර්තාව අලුත් කර තිබුණා.
ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් පළමු වරට රිටි පැනීමේ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තේ 2020 වසරේ පෝලන්තයේදී මීටර් 6. 17 ක් උසක් වාර්තා කරමින්.
ලබන මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුවහොත්, අවස්තා තුනකදී රිටි පැනීමේ ලෝක ශූරතාව හිමි කර ගත් දෙවැනි ක්‍රීඩකයා බවට ඔහු පත් වනු ඇති.
මීට පෙර එම දක්ශතාව දක්වා ඇත්තේ යුක්‍රේන ක්‍රීඩක සර්ජි බුක්කා පමණයි.
මේ අතර 1984-1994 කාල වකවානුව තුල සර්ජි බුක්කා අවස්තා 17 කදී රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා.