සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ

By Pradeep Gurusinghe
Published: මැයි 29, 2025
බෙදාගන්න

මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍යයි – ක්‍රීඩා ඇමති

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලිකයි – ක්‍රීඩා නියෝජ්‍ය ඇමති

2025 – ක්‍රීඩා ශක්ති වැඩසටහනට අනුව ජාතික කනිෂ්ඨ මට්ටමේ තරගවලදී ඉහල දක්ෂතා දක්වා ඇති, තෝරාගත් ක්‍රීඩාවන් 21 ක ක්‍රීඩා පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 සිට 20 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇත.

එහි මූලික අදියර වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, අද (මැයි 28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බවත්, මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍ය බවත්, දක්ෂතාවය මත ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජයක් ලෙස ගන්නා බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, එලෙස ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලික බවත්, පුහුණුවීම් කටයුතු වලින් දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

වර්තමානයේදී අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය මත බොහෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවෙන් ඈත්වෙන බවත්, ක්‍රීඩාව සහ අධ්‍යාපනයට සම අවධානයක් ලබා දෙමින් ක්‍රීඩාවත් අධ්‍යාපනයත් අත් නොහැර ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කළ යුතු බවත් පැවසූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ශිෂ්‍යත්වය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙහි රැඳීමට යම් උද්දීපනයක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

පෙර ලිපිය මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
Next Article බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාතට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයේදී ක්‍රීඩකයන් සමග සිටින්නයැයි අරවින්ද ද සිල්වා ක්‍රීඩා ලෝළීන් ගෙන් ඉල්ලයි.

කියවීමට මිනිත්තු 1 යි
Chamod Yodhasinghe
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්යා සබලෙන්කා සහ කොකො ගවුෆ් ප්‍රංශ විවෘත ටෙනිස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?