සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.

By Pradeep Gurusinghe
Published: මාර්තු 15, 2025
බෙදාගන්න

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී ජාතික රට හරහා දිවීමේ තරඟයෙන් ආරම්භ විය. තරඟ ඉසව් 33 කින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සමන්විත වේ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා විද්‍යාතනය, ක්‍රීඩා වෛද්‍යාතනය, උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනය ආදී ආයතනයන් හි ප්‍රධානීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, සියලුම ඉස්සව් වලින්, හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර, ජාත්‍යන්තරයට රැගෙන යාම වත්මන් රජයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම සහ අරමුණ බවයි. තවද, ඉදිරියේ දී ,දියුණු , විනයගරුක යහපත් පුරවැසියන් නිර්මාණයට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් මෙරට ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ක්‍රීඩාව හරහා නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දියුණු අනාගතයක් සහිත තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් මත්ද්‍රව්‍ය වලට මෙරට තාරුණ්‍යයේ වන බරපතළ පෙළඹීම අඩු කරීමට හැකි වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජය පරාජය කෙසේ වෙතත් සහභාගී වීම වඩා වැදගත් බවත්, සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවයි. මෙරට ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් සියලු දෙනා දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ඉදිරි කාලවල දී පැවැත්වීමට නියමිත, ජාත්‍යන්තර තරඟාවලි කිහිපයක් මෙරටට පැමිණ ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය වසරවලට සාපේක්ෂව ජාතික රට හරහා දිවීමේ තරඟ ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙහි ඉහළ අගයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව එක් පළාතකින් ක්‍රීඩකයින් 10 බැඟින් මෙවර ක්‍රීඩකයින් 88 දෙනෙකුගේ සහභාගීත්වයක් සහ එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැඟින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයක් මෙවර තරඟාවලියේ දී පැවතිණි.

ජාතික රට හරහා දිවීමේ තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ලෙස,

කාන්තා 10 Km

  1. මෙත්මි විජේසූරිය – ( නැගෙනහිර පළාත/අම්පාර දිස්ත්‍රික්කය) 38:40:93 උපාධි අපේක්ෂිකා, කැළණිය විශ්ව විද්‍යාලය
  2. චාමිනී හේරත් ( මධ්‍යම පළාත/ නුවර දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)
  3. වත්සලා හේරත් ( මධ්‍යම පළාත / නුවර දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)

පිරිමි 10km

  1. M.සිවරාජන් (මධ්‍යම පළාත / නුවරඑළිය දිස්ත්‍රික්කය) 34:20.31 (Sri Lanka Air Force)
  2. R. M. S. පුෂ්පකුමාර (බස්නාහිර පළාත / ගම්පහ දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා යුධ හමුදා (Sri Lanka Army)
  3. R. A. D. H. කුමාර ( බස්නාහිර පළාත / ගම්පහ දිස්ත්‍රික්කය) ශ්‍රී ලංකා පොලීසිය (Sri Lanka Police)
පෙර ලිපිය එළඹෙන තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංචිතය නම් කරයි
Next Article තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මහද්වීපික තරගාවලියේදී රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු බොක්සිං ශූරතාවයට ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා තිදෙනෙක් සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?