බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ

දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය!

By Pradeep Gurusinghe
Published: මැයි 9, 2025
බෙදාගන්න

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පෑවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය සිදුකරනු ලැබූ අතර, එය පරම්පරා ගනනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාව තුළ ක්‍රීඩාව තුළින් සහ රසවත් මතකයන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවක මෙන්ම බීම සන්නාම ද්විත්යක් එක්වීමේ සුවිශේෂ අවස්ථාවක් බවට පත්විය.

මේ හවුල්කාරීත්වය මත පදනම් ව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල නිල සහ එකම බීම අලෙවිකරු වීමේ අයිතිය ද එලිෆන්ට් හවුස් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදි. ඉදිරියේ දී, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ශකාගාරයෙහි, VIP කාමරවල පමණක් නොව, ක්‍රීඩක විවේකාගාර තුළ ද එලිෆන්ට් හවුස් බීම මගින් තරගයේ උද්වේගකර අවස්ථා රසවත් කරනු ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමාගමේ පාරිභෝගික අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කලේ, “සමාගමක් විදිහට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත්වෙනවා.” යනුවෙනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “ අප මේ අනුග්‍රාහක දායකත්වය තුළින් අපේ සන්නාමය ප්‍රවර්ධනය කරගැනීමට වඩා, ක්‍රීඩාමය ලැදියාව, ආඩම්බරය වර්ධනය කිරීම තුළින් තරගයේ සුවිශේෂ අවස්ථා ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීම අරමුණ වෙනවා.” 

එලිෆන්ට් හවුස් සමාගම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති බැඳීම අද ඊයේ ඇති වූවක් නොවේ. ඔවුන් විසින් මෙයට පෙර ද පාසල් මට්ටමේ තරගාවලීන් සංවිධානය කිරීමට සහ ග්‍රාමීය ක්‍රිකට් දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කර  ඇත. මෙම උපාය මාර්ගික සහයෝගිතාව හරහා දැන්වීම් පුවරු, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සහ තරග අතරතුරදීත් එලිෆන්ට් හවුස් සන්නාමය තව තවත් ජනතාව අතරට ගෙන යෑමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. මෙයට අමතරව එලිෆන්ට් හවුස් ආයතනය විසින් රසික ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ක්‍රීඩකයින්ද සහභාගි කරවා ගනිමින් ‍විවිධ වැඩසටහන් රැසක් ද සංවිධානය කරනු ඇත.

“අප එලිෆන්ට් හවුස් ආයතනය බොහොම ආදරයෙන් පිළිගන්නවා. මෙම සබඳතාව හරහා අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන සහය ඉතා විශාලයි. ඒ වගේම මෙම සබඳතාව හරහා ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ද ඔවුන්ට හිමි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඈශ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.

මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් සන්නාමයේ ගුණාත්මක භාවය, අනන්‍ය බව සහ සාමාන්‍ය ජනතාවට සමීපවීම යන සාධක වැඩිදියුණු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.

2027 වර්ෂයේ මාර්තු 31 වැනි දින දක්වා වලංගු මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් විසින් නව ඉනිමක් දියත් කරනු ඇත.

පෙර ලිපිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි
Next Article රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
Women's cricket
ක්‍රිකට්

කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය

කියවීමට මිනිත්තු 4 යි
ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

කියවීමට මිනිත්තු 1 යි
K L Rahul
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25ක් ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?