එංගලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 336 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ, එංගලන්තයේ බර්මින්හැම් හිදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 587 ක් රැස් කළා. ෂුබ්මන් ගිල් ලකුණු 269 යි.
එංගලන්තය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 407 ක්. ජැමී ස්මිත් නොදැවී ලකුණු 184 යි. හැරී බෲක් ලකුණු 158 ක් රැස් කළා.
එංගලන්ත ඉනිමේදී ක්‍රීඩකයින් 6 දෙනෙකු ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.
පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාජ් කඩුලු 6 ක් දවා ගත් අතර, ආකාශ් දීප් කඩුලු 4 යි.
ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 427 යි. ශුබ්මන් ගිල් ලකුණු 161 ක් ලබා ගත්තා.
තරගය ජය ගැනීමට එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 608 ක්.
නමුත්, ඔවුන්ට දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයි දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 271 ක් පමණයි. ආකාශ් දීප් කඩුලු 6 ක් දවා ගත්තා.