ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ශාන්ත කිට්ස්හි වර්නර් පාක් ක්‍රීඩාංගණයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.
නායක ශායි හෝප් පන්දු 57කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වුණා.ඔහු කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සෑම ආකෘතියකම ශතකයක් රැස්කළ දෙවන පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්. කොදෙව්වන් වෙනුවෙන් පළමුවෙන්ම මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ක්‍රිස් ගේල්ය.
ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දු වාර 16 යි පන්දු 1 කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය වාර්තා කළා.
ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 102යි. පන්දු 37කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.
මෙය ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකයයි. එමෙන්ම ටිම් ඩේවිඩ් සිය අර්ධ ශතකය පසු කලේ පන්දු 16ක් පමණක් වැය කරමින්. එයද ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම විස්සයි20 අර්ධ ශතකයයි.