පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 18කින් ජයගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වුණා.
ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 65ක් හා සෙදිකුල්ලා අතල් ලකුණු 64ක් ලබාගත්තා.
පාකිස්තානය වෙනුවෙන් ෆහීම් අශ්‍රෆ් කඩුලු ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 151ක් පමණයි.
පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමානය වූ ලකුණු 34 ලබාගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රාවුෆ් විසිනුයි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ෆස්ල්හක් ෆරූකි, රෂීඩ් කාන්, මොහොමඩ් නබී හා නූර් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඒ අනුව මෙම තුන් තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය තරග 2 බැගින් ජයගෙන තිබෙනවා.
තරගයේ වීරයා ඊබ්‍රහීම් සද්‍රාන්