ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමත් සමග පැවැත්වුණා. එම තරගය ලකුණු 67කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීම තෝරාගත්තා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගත්තා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් ලකුණු 49ක් හා නායක සිකන්දර් රාසා ලකුණු 47ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් හා එෂාන් මාලිංග කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව අසරණ කරමින් සියලු කඩුලු ලකුණු 95ට දවාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දසුන් ශානක 34ක් ලබාගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක් ලකුණු 15 සීමාවවත් පසුකර ගියේ නැහැ.
පන්දු යැවීමේදී බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් හා රිචර්ඩ් න්ගරවා කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව මෙම තුන්කොන් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67කින් පරාජය වූ අතරම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදි සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ ලකුණු 100ට අඩුවෙන් දැවී ගිය දෙවන අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ සිකන්දර් රාසා.