පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් 20/20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කරමින්.
තරගය පැවැත්වුණේ රාවල්පින්ඩි හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු පහක් දැවී ලකුණු 146 ක් රැස් කලා.
සිකන්දර් රාසා සහ රයන් බර්ල් ලකුණු 37 බැගින් රැස් කලා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරඟය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර 16.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 148 ක් රැස් කරමින්.
විශිෂ්ට පිතිකරයක නිරත වූ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 98 රැස් කළා.
තම 18 වැනි 20/20 අර්ධ ශතකය වාර්තා කළ පැතුම්ට තම දෙවැනි ශතකය අහිමිව ගිය ලකුණු දෙකකින්.
පන්දු 58 කදී ගොඩනැගුණු පැතුම්ගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහර 4 ක් ඇතුලත්.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25 ක් රැස්කළා.
තරගයේ වීරයා පැතුම් නිස්සංක.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 27 වැනිදා පකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.