පාකිස්ථානයට එරෙහි තුන් වැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගය ශ්රී ලංකාව කඩුලු 8 කින් අද ජය ගත්තා.
රාවල්පින්ඩිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්යාව 168ක්.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු 2ක් දැවී සිටියදීයි.
නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87යි.
ඒ අනුව තරගාවලිය අවසන් වුණේ 2ට 1ක් ලෙස පාකිස්ථානයට ජය හිමිකර දෙමින්.