එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන ILT20 තරගාවලියේ සිය පළමු තරගයට MI එමිරේට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා බවට පත් විය.
මුලින් පන්දුවට පහරදුන් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 122ක් පමණයි. අලිෂාන් ශරෆු ලකුණු 38ක් ලබාගත් අතර සුනිල් නරීන් ලකුණු 26ක් ලබාගත්තා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 21ට කඩුලු 3ක් හා ෆසල්හක් ෆරූකි ලකුණු 14ට කඩුලු 4ක් ද දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් කණ්ඩායම 14වන පන්දුවාරයේදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයගැනීමට සමත් වුණා. ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 49ක් ලබාගත්තා. කමිදු මෙන්ඩිස් තරගයේ ජයග්‍රහණය හයේ පහරකින් ලබාගත්තා.
ඒ අනුව මෙම තරගය කඩුලු 7කින් ජයගැනීමට එමිරේට්ස් කණ්ඩායම සමත්වුණා. තරගයේ වීරයා කමිඳු මෙන්ඩිස්