එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය කඩුලු හතරකින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
මෙල්බන්හිදි පැවති මෙම තරගය දින දෙකක් තුළ නිමාවට පත්විම විශේෂත්වයක්.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 152ක් රැස්කළා.
එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 110යි. ඊයේ පළමු දිනය සඳහා තරගය අවසන් කරන විට ඔස්ට්‍රේලියා ක්‍රිඩකයින් තම දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.
ඔවුන්ගේ දෙවැනි ඉනිම අද ලකුණු 132කට සිමා වුණා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 46යි. පන්දු යැවීමේදි බ්‍රයිඩන් කාස් කඩුලු 4ක් දවා ගත්තා. බෙන් ස්ටොක්ස් සහ ජෝස් ටන් කඩුලු තුන බැගින් බිඳහෙළුවා.
පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 175ක්. ඔවුන් කඩුලු හයක් දැවි ලකුණු 178ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.