ලොව වටා ටෙනිස් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්වුණ තරගයක් ඩුබායි හී දී පැවැත්වුණා.
ප්‍රදර්ශන තරගයක් ලෙස මීට සහභාගී වුණේ ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් අතර වීම විශේෂත්වයක්.
ලොව ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන බෙලරූස් ක්‍රීඩකා අරීනා සබලෙන්කා, සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නික් කිරියොස් මෙහිදී තරග වැදුණා.
කාන්තා හා පිරිමි තරගවලදී පිටිය සැකසීමේ වෙනස් කම්ද සහිතව පැවති තරගයෙන් 6-3, 6-3 ලෙස ජය හිමි කරගත්තේ නික් කිරියොස් විසින්.
මෙම තරගය හුදෙක් විනෝදාශ්වාදය සඳහා පැවැත්වූ තරගයක් වන අතර
මෙහි VIP ප්‍රවේශ පත්‍රයක මිළ ඇමරිකානු ඩොලර් 800 ක්.
ප්‍රේක්ෂකයින් 17000 කු පමණ ක්‍රීඩාංගණයට පැමිණ මෙම තරගය නරඹා තිබෙනවා.
නික් කිරියොස් වත්මන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 671වැනි ස්ථානයේ පසුවනවා.
ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක් අතර මෙවැනි ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගයක් පළමු වරට පවත්වා තිබෙන්නේ 1973 වසරේදී.
එහිදී ක්‍රීඩිකාව ලෙස අමෙරිකාවේ බිලී ජීන් කිංග් තරග කළ අතර, ක්‍රීඩකයා වූයේ අමෙරිකාවේම බොබී රිග්ස්.
එම තරගය බිලී ජීන් කිංග් ජයගෙන තිබෙනවා.