සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරින් අවසන් වේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරින් අවසන් වේ

By Pradeep Gurusinghe
Published: ජනවාරි 16, 2026
බෙදාගන්න

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16දා) උදෑසන 9ට ලේක්හවුස් ආයතන ඉදිරිපිට දී ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාවට මහමාර්ග ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණි වරුෂමාන මහතා, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ. එමෙන්ම යුධ හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය නුවරට ගමන් කළ අතර, එහි දෙවන දිනය වන හෙට දිනය නුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය. එය 18 වැනිදා අනුරාධපුරයෙන් කොළඹ බලා පැමිණේ.

මෙම පාපෙදි සවාරිය සඳහා කණ්ඩායම් 27ක පාපෙදි ක්‍රීඩකයින් සම්බන්ධ වී සිටියි. ඔවුන් ලියපදිංචි කිරීමෙන් අනතුරුව පාපැදි තරගය ආරම්භ කෙරුණි.

නුවරදී අද (16දා) අවසන් කෙරුණු තරඟයේ පළමු අදියරයේ දී ත්‍යාග 5ක් ලබාදුන් අතර, ඒ අනුව අංක 193න් තරඟ කළ එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු ප්‍රථම ස්ථානය දිනාගත්තේ පැය 2යි විනාඩි 52යි තප්පර 41කින් තරඟය නිමා කරමිනි. අංක 195න් තරඟ කළ ඒ.ඩී.එස් පෙරේරාට දෙවන ස්ථානය හිමි වූ අතර, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරයි. තෙවන ස්ථානය අංක 82න් තරඟයට පිවිසි ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද හිමි කරගත්තේය. අංක 142න් තරඟ කළ සුරංග රණවීර සිව් වන ස්ථානය සහ අංක 33න් තරඟ කළ සිතුම් පූර්ණ පස්වන ස්ථානය දිනාගත්තේය.

හෙට උදෑසන 9ට තරඟය ගන්නෝරුව කෘෂි පර්‍යේෂණ මධ්‍යස්ථානය ඉදිරිපිටින් ආරම්භ වේ.

පෙර ලිපිය ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
Next Article එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය ඊයේ දින ජයග්‍රහණ ලබයි
Sponsored

You Might Also Like

Chamod Yodhasinghe
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ලෙන් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු සහය දිවීමේ ශ්‍රී ලංකා ශූරයින් පදක්කම් සමගින් දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?