ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර තරගය පැවැත්වුණේ, ‘ජේ’ කාණ්ඩයෙන්.
තරගය අමෙරිකාවේ කන්සාස් හිදී පැවැත්වුණා. 17 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ, ලියොනල් මෙසි.
ඒ අනුව පළමු අර්ධය අවසන් වුණේ, ගෝල 1 -0 ලෙස ආර්ජන්ටිනාව පෙරමුණ ගනිමින්. තරගයේ 60 වැනි සහ 76 වැනි මිනිත්තුවලදී තවත් ගෝල 2 ක් වාර්තා කිරීමට මෙසී සමත් වුණා.
ඒ අනුව, ගෝල 3 -0 ලෙස තරගය ජය ගත්තේ ආර්ජන්ටිනාව විසින්.