ෆිෆා ලෝක කුසලානයේ ප්‍රංශය හා ස්වීඩනය අතර තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය ගෝල 3-0ක් ලෙස ජයගත්තේ ප්‍රංශය යි.
තරගයේ පලමු අර්ධය අවසන් වීමේදී 45වන මිනිත්තුවේදී හා 74 වන මිනිත්තුවේදී කිලියන් බප්පේ විසින් ගෝල 2ක් ලබාගත් අතර 53 වන මිනිත්තුවේදී බාකෝලා විසින් ගෝලයක් වාර්තා කළා.
ස්වීඩනයට කිසිදු ගෝලයක් ලබාගැනීමට ප්‍රංශය ඉඩ දුන්නේ නැති අතර තරගය ජයගනිමින් ප්‍රංශයට 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.
එසේම ඊයේ පැවති දෙවන තරගයේදී ඉක්වදෝරය පරදා ගෝල 2-0ක ජයක් ලැබීමට මෙක්සිකෝව සමත් වුණා.
මෙක්සිකෝව වෙනුවෙන් ක්විනෝන්ස් තරගයේ 22 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත් අතර රාවුල් ජිමිනෙස් 31 වන විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත්තා.
ඉක්වදෝරය කිසිදු ගෝලයක් ලබානොගත් අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා.