සෙනසුරාදා, ඔක්. 31, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    2026 19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය Sporty.lk වෙත
    කියවීමට මිනිත්තු 1 යි
    විශේන් හලඹගේ ගේ දැඩි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 31, 2026
බෙදාගන්න

වසර 13 ක දිගු විරාමයකින් පසු, එනම් 2013 වසරෙන් පසු පළමු වරට සංවිධානය කෙරුණු ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ (Peterite Cricket League – PCL) එළඹෙන නොවැම්බර් 7 සහ 8 යන දිනවල බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

විවිධ පරම්පරාවල ක්‍රීඩකයින් එකට එකතු කර ගනිමින්, කනිෂ්ඨ මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සහ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය නගාසිටුවීම මෙම තරගාවලියේ මූලික අරමුණ වී තිබේ. පීටරයිට් ක්‍රිකට් පදනමේ සභාපති හාන්ස් ප්‍රනාන්දු සහ PCL කමිටු සභාපති ලක්ෂාන් රොද්‍රිගෝ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ෆ්‍රැන්චයිස් (franchise) ක්‍රමවේදයක් යටතේ කණ්ඩායම් 8 ක් තරග වැදීමයි. ඒ සඳහා ‘තම්බපන්නි ලයන්ස්’ (Thambapanni Lions), ‘රෙසිස්ටන්ස් පැන්තර්ස්'(Resistance Panthers), ‘බම්බා පැට්‍රියට්ස්'(Bamba Patriots), ‘කොළඹ ස්පෝර්ට්ස් හබ්'(Colombo Sports Hub), ‘ටොප් නොක් ටයිටන්ස්’ (Top Knock Titans), , ‘කොළඹ ටස්කර්ස්'(Colombo Tuskers),, ‘ෆවුන්ඩේෂන් ගාඩියන්ස්'(Foundation Guardians සහ ‘යූ. කේ. පීටරයිට්ස්’ (UK Peterites) යන කණ්ඩායම් එක් වේ.

තරගාවලිය වඩාත් ආකර්ෂණීය කිරීම සඳහා එක් ඉනිමකට පන්දුවාර 6 බැගින් වන වේගවත් ආකෘතියක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත් වේ. විශේෂයෙන්ම පාසල් සිසුන්, වයස අවුරුදු 20-30, 30-40 සහ 40 ට වැඩි ආදී වශයෙන් විවිධ වයස් කාණ්ඩ නියෝජනය වන පරිදි ක්‍රීඩකයින් මෙම කණ්ඩායම්වලට ඇතුළත් කර තිබීම කැපී පෙනේ.

එමෙන්ම, මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ‘ගරු සුනිල් හර්මන් පෙරේරා පියතුමා අනුස්මරණ ශූරතා කුසලානය’ ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ‘ඔස්ටින් ප්‍රනාන්දු මහතා අනුස්මරණ පලිහ’ ද පිරිනැමීමට නියමිතය. මෙමඟින් ක්‍රීඩකයන්ට ගෞරවය පුද කිරීමත් සමඟ ශාන්ත පීතර ක්‍රීඩකයන් අතර පවතින සහෝදරත්වය හා වටිනාකම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

පෙර ලිපිය තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?