බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: ජූලි 14, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

දෙරටේ ශ්‍රව්‍යාබාධිත ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය සහ සහෝදරත්වය ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් සංවිධානය වූ මෙම සුවිශේෂී තරගාවලියේදී ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් අමාත්‍යවරයා නිල වශයෙන් තරගය නැරඹීමට එක් විය.

තරග 05කින් යුත් මෙම සමස්ත තරගාවලියේ අවසන් තරගයෙන් සහ තරගාවලි ජයග්‍රහණය 5-0ක් ලෙස වාර්තා කිරීමට සංචාරක ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම සංචාරයේදී අමාත්‍යවරයාගේ සෘජු අවධානය ක්‍රීඩාංගනයේ පවතින යටිතල පහසුකම් වෙත ද යොමු වූ අතර, එහි පවතින අඩුපාඩු සකස් කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ලබා දෙන ප්‍රමුඛතාවය සනාථ කරමින් අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

තරගාවලිය පුරා දැක්වූ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩිකාවන් මෙසේය:

හොඳම පන්දු යවන්නිය: චුන්දනී ඛාන් (Chundani Khan – ඉන්දියාව)

හොඳම පිතිකාරිය: නීඩා ෂාබි ෂයික් (Needa Shabi Shaik – ඉන්දියාව)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව (Player of the Series): රෙඩ්ඩි ජයිෂ්නු (Reddy Jaishnu – ඉන්දියාව)

තරගාවලියේ සාර්ථක නිමාව සලකුණු කරමින් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි (Maithri Kulkarni) මහත්මිය සහභාගී වූවාය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා, මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතා, ඉන්දීය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුමිත් ජේන් (Sumit Jain) මහතා මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති මොහොමඩ් නයිසර් මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.

පෙර ලිපිය එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Next Article ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා මාස්ටර්ස් පරදා බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ෂන්තෝ හා මුෂ්ෆිකර්ගේ විශිෂ්ට පිතිකරණයෙන් බංග්ලාදේශය ශක්තිමත්ව පලමු දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?