ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං පිරිමි ඉසව්වේ අවසන් ක්රීඩකයින් 8 දෙනො අතරට සුදුසුකම් ලබා ගැනීමට මොහොමඩ් හුසෙයිත් සමත් වුණා.
තරගය පැවැත්වුණේ ජපානයේ නිෂියෝ ගෘහස්ථ ක්රීඩාංගණයේදී. ආසියානු ක්රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයි හිදී පැවැත්වේ.
අද ශ්රී ලංකාව වෙනුවෙන් බොක්සිං මූලික වටය සදහා සහභාගී වූ පළමු ක්රීඩකයා වුණේ මොහොමඩ් හුසෙයිත්. ඔහු කිලෝ ග්රෑම් 80 බර පන්තියෙන් තරග වැදුණා.
ප්රතිවාදී ක්රීඩකයා වුණේ කාම්බෝජයේ අන්වර් නස්රැඩිනෝව්. ඉන් 4 ට 1 ක් ලෙස ජය වාර්තා කිරීමට මොහොමඩ් හුසෙයිත් සමත් වුණා.
ඒ අනුව ඔහු සහභාගී වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.