එංගලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.
ඒ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන්.
එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඊට නම්කල එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය පැවරී තිබුනේ කුසල් මෙන්ඩිස්ට.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට විස්සයි විස්ස තරගාවලිය අහිමිව යන බවයි.
ඒ අනුව චරිත් අසලංක නායකත්වයට නම්කර තිබෙනවා. කුසල් මෙන්ඩිස් වෙනුවට කැඳවා ඇත්තේ පවන් රත්නායකයි.
මේ අතර විස්සයි විස්ස තරගාවලියට නම්කර තිබූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ආබාධයකට ලක්ව සිටිනවා. ඒ වෙනුවට නම්කර ඇත්තේ ඩිල්ෂාන් මධුසංඛයි.