ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා
ඒ පාකිස්ථානය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 19කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්.
අභිෂේක් ශර්මා ලකුණු 61ක් රැස් කළා.
ලකුණු 212ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 20තුළ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 192ක් පමණයි.
හසන් නවාස් ලකුණු 96ක් රැස් කළා.