වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අද පැවැති අවසන් තරගයේදී පකිස්ථානය එක කඩුල්ලකින් පරාජය කරමින්. තරගාවලිය ඕමානයේදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 337 ක් රැස් කළා.
උස්මාන් ඛාන් ලකුණු 107 යි. අබ්දුල් ඛාදීර් ලකුණු 80 ක් රැස් කළ අතර ෆර්හාන් යූසෆ් ලකුණු 63 යි.
පිලිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 339 ක් රැස් කරමින්.ලාකෂ්ය රයිචාන්දනී ලකුණු 80ක් ලබා ගත් අතර ආර්යාවීර් ශෙවාග් ලකුණු 58 යි.
ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ලේ සබධතාව නොදැවී ලකුණු 30 ක්. පිතිකරණ ලැයිස්තුවේ 10 වැනි පිතිකරු මෝහිත් උල්වා පන්දු 26 කදී නොදැවී ලකුණු 49 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.
ඒ අනුම ඉන්දියාව මෙවරත් වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඔවුන් මෙම ශුරතාව දිනූ 9 වැනි අවස්ථාව මෙයයි.