දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හි පැවැත්වීමට නියමිත 2026 ලෝක ජීවිතාරක්ෂක ශූරතාවලියට සහභාගී වීමට සූදානම් වන ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක කණ්ඩායම ඊයේ (27දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.
මෙම හමුවේදී අමාත්‍යවරයා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුබපැතුම් එක් කළ අතර, ජාත්‍යන්තර තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන ලෙස දිරිගැන්වීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ අධිෂ්ඨානය පිළිබඳ විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, රට නියෝජනය කරමින් තරගාවලියට එක්වන කණ්ඩායමට සිය උපරිම සහයෝගය හා සුබපැතුම් පිරිනැමීය.