චමෝදි මුණසිංහගේ සුපිරි පන්දුයැවීමත් සමඟ 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 108ක ජයක්..!!

April 9, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගය ලකුණු 108කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

එහිදී 14 හැවිරිදි චමෝදි මුණසිංහ ප්‍රතිවාදී කඩුලු 05ක් දවාගැනීම විශේෂත්වයක්.

තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 48යි පන්දු 4කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 226ක් රැස් කළා.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 59යි. සංජනා කාවින්දි ලකුණු 27ක් රැස් කළා. පන්දු යැවීමේදී අමූ සුරේන්කුමා සහ සොෆියා ස්මෙල් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 3කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි. ජෝදි ග්‍රේව් කොක් ලකුණු 26යි.

චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු 05ක් දවා ගත්තා. චමෝදි මුණසිංහ මොණරාගල, කුඹුක්කන ගම්මානයෙන් 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ ක්‍රීඩිකාවක්.

මෙතෙක් ඉතිහාසයේ එම ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. දෙව්මි විහංගා කඩුලු 04යි. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ, ලකුණු 108කින්.