ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයේ වෙනස්කම් දෙකක්, වසරකට පසු ශකිබ් අල් හසන් සංචිතයට කැඳවයි..!!

March 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වසරකට පසු නැවතත් ශකීබ් අල් හසන් සංචිතයට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ශකීබ් ගේ පැමිණීමත් සමග තව්හිඩ් හ්‍රිඩෝයි සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

එසේම වේග පන්දු යවන ක්‍රීඩක මුෂ්ෆික් හසන් ඔහුගේ වම් වළලුකරයේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහු වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් ආදේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන 30 වනදා චැටෝගෑම් හිදී ආරම්භ වීමට නියමිතයි.