සුපිරි හඹායාමකින් පසු කොල්කටා කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 02 ක සුපිරි ජයක්..!!

April 17, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 223 ක් රැස් කලා.

සුනිල් නරීන් ලකුණු 109 යි.

පන්දු යැවීමේදී ආවේශ් ඛාන් සහ කුල්දීප් සෙන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 224 ක් රැස් කරමින්.

ජොශ් බට්ලර් නොදැවී ලකුණු 107 යි.