2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී..!!

March 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) එළඹෙන 2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලිය 2024 ජූලි 19 සිට ජූලි 28 දක්වා පැවැත්වීමට සැලසුම් යොදා තිබෙනවා.

ඉතිහාසයේ මුල්ම වරට මෙවර තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් අටක් සහභාගී වීමද විශේෂත්වයක්.

ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය A කාණ්ඩය යටතේත් බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව හා තායිලන්තය B කාණ්ඩය යටතේත් තරග වැදීමට නියමිතයි.