FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!

March 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්.

තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා.

අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා.

තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි.

මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.