ඊයේ දින පැවති මුම්බයි ඉන්ඩියන්ස් හා රාජස්ථාන් රෝයල්ස් කන්ඩායම් අතර තරගයෙන් ලකුණු 100ක ජයක් ලැබීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ජායිපූර් හීදී ය.
රාජස්තාන් රෝයල්ස් ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදුන් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 217ක් ලබාගත්තා.
රයන් රිකල්ටන් ලකුණු 61යි. රෝහිත් ශර්මා ලකුණු 53යි. සූර්‍යකුමාර් යාදව් හා හර්දික් පාණ්ඩියා නොදැවී ලකුණු 48 බැගින් ලබාගත්තා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ හා රියාන් පරාග් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 117ක් පමණයි. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා ජොෆ්‍රා ආචර්, ලකුණු 30යි.
මුම්බයි ඉන්ඩියන්ස් වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්‍ට් හා කාර්න් ෂර්මා කඩුලු 3 බැගින් දවාගත් අතර ජස්ප්‍රීත් බුම්‍රා කඩුලු 2ක් බිඳහෙළුවා.
මේ ජයග්‍රහණයත් සමග මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට ලඟාවුණු අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මීළඟ වටයට යාමට ඇති බලාපොරොත්තු ඇහිරී ගියා.
තරගයේ වීරයා සම්මානය හිමිවුණේ රයන් රිකල්ටන් හට යි.