ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගය ලකුණු 25 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
තරගය අද පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා.
සංජනා කාවින්දි ලකුණු 62 යි.
පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 108 ක් පමණයි.
එමිලි පවෙල් ලකුණු 39 යි.
පන්දු යැවීමෙදී චමෝදි ප්‍රබෝධා සහ අසේනි තලගුණේ කඩුලු 3 බැගින් දවා ගත්තා.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සංජනා කාවින්දි.