IPL ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය, කඩුලු 8 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ, චෙන්නායිහිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 කට ලකුණු 103 ක් රැස් කළා. ශිවාම් ඩුබේ ලකුණු 31 යි.
පන්දු යැවීමේ දී සුනිල් නරීන් කඩුලු 3 ක් බිඳ හෙලුවා. වරුන් චක්‍රවර්ති සහ හර්ෂිත් රානා අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.
පිළිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 10 යි පන්දුවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 107 ක් රැස් කරමින්. සුනිල් නරීන් ලකුණු 44 යි