ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
39 හැවිරිදි කෞෂාල් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 39කදී ලකුණු 2099ක් රැස් කලා.
හොංකොං ජාතික කණ්ඩායම එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග වැදීමටද නියමිතව තිබෙනවා.