සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා පාකිස්තානය අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ ෆයිසාලාබාද් හීදී පැවැත්වුණු අතර එම තරගය කඩුලු 2කින් ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 263කට අවසාන පන්දුවාරය වන විට දැවී ගියා.
දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වන ප්‍රෙටෝරියස් හා ඩිකොක් ලකුණු 98ක සබදතාවයක් ගොඩනැගුවා. ප්‍රෙටෝරියස් ලකුණු 57යි. ක්වින්ටන් ඩිකොක් ලකුණු 63යි. ඊට අමතරව නායක මැතිව් බ්‍රීට්ස්කේ ලකුණු 42ක් හා කොබින් බෝස්ච් ලකුණු 41ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා සමගින් අබ්‍රාර් අහමඩ් කඩුලු 3 බැගින් ලබාගත්තා.
පාකිස්තාන පිලිතුරු ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 87ටයි. එහිදී ෆකාර් සමාන් ලකුනු 45ක් ලබාගත් අතර සයීම් අයූබ් ලකුණු 39ක් ලබාගත්තා.
ඉන් පසු නැවතත් සිව්වන කඩුල්ලට මොහොමඩ් රිස්වාන් සමගින් සල්මන් අගා ලකුණු 91ක සබදතාවයක් ගොඩනැගුවා. මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් ලබාගත් අතර සල්මන් අගා ලකුනු 62ක් ලබාගත්තා.
තරගයේ අවසාන පන්දුවාරයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබාගැනීමට පාකිස්තානය සමත් වුණු අතර ඔවුන්ට කඩුලු 2ක් ඉතිරිව තිබුණා.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ සල්මන් අලී අගා.