ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවටයි.
ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසරේදීද දසුන් ශානක ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා කළා.
ඒ අනුව ipl ක්‍රිකට් තරගාවලියකදී ඔහු ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම නියෝජනයනය කරන දෙවැනි අවස්ථාව මෙයයි.
මෙවර ipl තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්වුණා.