ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට බංග්ලදේශ කණ්ඩායමේ කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.
බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද උදෑසන සමත් වුණා.
බංග්ලාදේශ කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කරමින් ටයිජුල් ඉස්ලාම් ලකුණු 33ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී නවක ක්‍රීඩක සොනාල් දිනූශ කඩුලු 3ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පළමු ඉනිම පැතුම් නිශ්ශංක හා ලහිරු උදාර ආරම්භ කළ අතර තරගය දිවා ආහාරයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 83ක් ලබා සිටිනවා.
පැතුම් නොදැවී ලකුණු 42ක් හා ලහිරු උදාර ලකුණු 40ක් ලබාගනිමින් මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා.