ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ට ලකුණු 290ක් ලබාසිටියා.
අද උදෑසන බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247ට සීමාකරමින් අවසන් කඩුලු 2 ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවාගත්තා.
සිය ටෙස්ට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක අද සමත් වුණා. අවාසනාවන්ත ලෙස දිනේශ් චන්දිමාල් ලකුණු 93ට දැවී ගියා.
දිනය නිමා වන විට පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු146ක් හා සැදෑ මුරකරු ප්‍රභාත් නිශ්ශංක නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.