කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ පැවති නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගයෙන් ලකුණු 100ක ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත්වුණා.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් සිය ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබාගත්තා.
එහිදී, කැපී පෙනෙන ඉනිම් දෙකක් දියත් කළ බෲක් හැලිඩේ ලකුණු 69ක් හා නායක සොෆී ඩිවයින් ලකුණු 63ක් ලබාගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් රබේයා කාන් ලකුණු 30ට කඩුලු 3ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 39.5දී ලකුණු 127ට දවාගැනීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත් වුණා.
ෆාතිමා කටුන් ලකුණු 34ක් හා රබේයා කාන් ලකුණු 25ක් ලබාගත්තා.
සුපිරි පන්දුයැවීමක නිරත් වූ ජෙස් කර් ලකුණු 21ට කඩුලු 3ක් හා ලියා තුහුහු ලකුණු 22ට කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව මේ තරගයෙන් ලකණු 100ක ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා. තරගයේ වීරයා බෲක් හැලිඩේ.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.