ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.00 ට ආරම්භ කෙරෙනවා.
පැවති පළමු තරගය ජයගෙන මේ වන විට තරගාවලියේ පෙරමුණේ පසු වන්නේ ශ්‍රි ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගය සඳහා ඊයේ පුහුණුවීම්වල නිරත වුණා.
අද තරගයෙන්ද ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී 20-20 තරගාවලියේ ජය ශ්‍රි ලංකාව සතුවනවා.
2024 නොවැම්බර් මාසයෙන් පසු රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20-20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. අද තරගයට අදාළ ප්‍රවේශ පත්‍ර සියල්ලද විකිණී අවසන්.