ඊයේ දින සවස කාලයේ පැවති අයි පී එල් තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.
කාසියේ වාසිය දිනා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ඉනිම අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබාගත්තා.
රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 53ක් හා ශිවම් ඩුබේ ලකුණු 50ක් ලබාගත්තා. පන්දු යැවීමේදී මුම්බයි පිල වෙනුවෙන් ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම සඳහා මුම්බයි ඉන්ඩියන්ස් පිතිකරුවන් 16වන පන්දුවාරයේදි එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගෙන ජයග්‍රහණය ලබාගත්තා.
මෙවර තරගාවලියේ පළමු ශතක සබඳතාවය ගොඩනගිමින් රෝහිත් ශර්මා නොදැවි ලකුණු 76ක් හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 68ක් ලබාගත්තා.
මුල් තරග වලදී යම් පසුබෑමක් දැක්වූ මුම්බයි කණ්ඩායම මේ ලබාගත්තේ පිට පිට ලැබූ තුන්වන තරග ජයයි.
ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණුනා.