ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලියේ ශුරතාව අතිශය තියුණු අවසාන මහා තරගයකින් පසු හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් විය.
මෙවර අවසාන මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණේ මෙතෙක් ඉතිහාසයේ තමන් වෙත හිමි නොවූ IPL කුසලානය හිමි කර ගැනීමේ අපේක්ෂාවෙන්.
අහමදාබාද් හිදී පැවැති අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කලා.
රෝයල් චැලෙනජර්ස් බෙංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක් රැස් කිරීම්ටයි
එහිදී රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්වුණා
කෙසේ නමුදු රෝයල් චැලෙන්ජර්ස් ඉනිමේ අවසාන භාගයේ දී රැස් කල ලකුණු ජිටේෂ් ශර්මා 24 (10) හා රොමාරියෝ ෂෙපර්ඩ් රැස් කල ලකුණු 17 (9) , රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 190ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දුන්නා.
පන්දු යැවීමේ දී පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ආර්ශ්දීප් සිං හා කයින් ජෙමිසන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් පිලට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.
පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුණා.
තරඟයේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු විසි නවයක් අවශ්‍යවුණා.
එහිදී ඔවුන් ලකුණු 22 රැඅ කිරීමට සමත් වුණේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට ලකුණු 6 ක් ජයක් හිමි කර දෙමින්.
රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අයි පී එල් කිරුළ දිනූ පළමු අවස්තාව මෙයයි.