ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
තරගාවලියේදී එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලහිරු උදාර කටයුතු කරන අතර, සිව් වැනි දින කණ්ඩායමේ නායකයා පසිඳු සූරියබණ්ඩාරයි.
තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමිකවතාවත්වලින් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. ලබන 4 වැනිදා ආරම්භ වන තරගාවලිය, 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සියලු තරග ඔස්ට්‍රේලියාවේ, ඩාවින් හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලියට එක්දින තරග 3 ක් ඇතුළත්.
එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටින අතර, ඊට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඇතුළත්.