ශ්‍රී ලංකා A කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන් A කණ්ඩායමත් අතර අබුඩාබි හී පැවති ටෙස්ට් තරගය ලකුණු 308කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406ක් ලබාගත්තා.
ළහිරු උදාර (107) හා සොනාල් දිනූෂ (104) ශතක වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් බෂීර් අහමඩ් කඩුලු 4ක් දවාගත්තා.
සිය පළමු ඉනිම සඳහා ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 168ක් පමණයි.
අෆ්සාර් සසායි ලකුණු 54යි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර කඩුලු 6ක් හා තරිඳු රත්නායක කඩුලු 3ක් ලබාගත්තා.
දෙවෙනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 4ට ලකුණු 376ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමට ශතක තුනක් ඇතුළත් වීම විශේෂත්වයක්. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 102ක්, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 100ක් හා පවන් රත්නායක නොදැවී ලකුණු 100ක් ලබාගත්තා.
ඇෆ්ගනිස්තාන් A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 614ක් ලබාගැනීමට සිදුවුණා.
කෙසේ වෙතත් ඇෆ්ගන් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 306ක් පමණයි.
ඇෆ්ගනිස්තාන් දෙවෙනි ඉනිම වෙනුවෙන් දර්විශ් රසූලි ශතකයක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර මේ ඉනිමේදී කඩුලු 4ක් දවාගත් අතර, සම්පූර්ණ තරගයේ ඔහුදවාගත් කඩුලු සංඛ්‍යාව 10ක්
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ජයක් හිමිවුණා. තරගයේ වීරයා ලෙස ඉසිත විජේසුන්දර නම් කළා.