සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 537 අභියෝගයක් ලබාදීමට දකුණු අප්‍රිකාව සමත් වී ඇත.
මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 418/9 ලබාගත්තා.
එහිදී ප්‍රෙටෝරියස් (153) හා කොබින් බොස්ච් (100*) ශතක වාර්තා කළා. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටනකා චිවන්ගා කඩුලු 4ක් දවාගත්තා.
ඊට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 251ක් පමණයි. සෝන් විලියම්ස් ලකුණු 137යි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මූල්ඩර් කඩුලු 4ක් ලබාගත්තා.
දකුණු අප්‍රිකාව දෙවෙනි ඉනිමට ලකුණු 369ක් රැස් කළා. එම ඉනිමේදී සිය හොඳම ටෙස්ට් ඉනිම දියත් කළ වියාන් මූල්ඩර් ලකුණු 147ක් රැස් ලබාගැනීමට සමත් වුණා.
වෙලිංටන් මසකඩ්සා කඩුලු 4යි.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 537ක් අවශ්‍යයයි. මේ වන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාසිටිනවා.