බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ මිරිපුර් හීදී පැවැත්වුණා.
දෙපිලම සම ලකුණු ලබාගත් පසු තරගයේ තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දුවාරයට යොමු වුණා.
මන්දගාමී මිරිපුර් පිටියේ මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබාගත්තා.
සෞම්‍යය සර්කාර් ලකුණු 45යි. රිෂාද් හුසේන් ලකුණු 39යි. පන්දු යැවීමේදී ගුඩකේෂ් මොටී කඩුලු 3ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමත් කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 213ක් පමණයි. ෂායි හෝප් නොදැවී ලකුණු 53යි. පන්දු යැවීමේදී රිෂාද් හුසේන් කඩුලු 3ක් දවාගත්තා.
දෙපිලම සම් ලකුණු ලබාගත් නිසා තරගයේ ඉරනම සුපිරි පන්දුවාරයට බාරවුණා.
ඒ අනුව සුපිරි පන්දුවාරයෙ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙ කන්ඩායම ලකුණ් 10ක් ලබාගත්තා.
ලකුණු 11ක් ලබාගැනීමට පිටියට පිවිසි බංග්ලදේශයට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 9ක් පමණයි.
ඒ අනුව සුපිරි පන්දුවාරය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ ජය ලබාගෙන තරගාවලිය 1-1ක් ලෙස සම කළා.
තරගයේ වීරයා වූයේ ෂායි හෝප්.