IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත් වීමට 14 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත් වුණා. ඒ තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී.
මේ අතර IPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වේගවත්ම ශතකයද වෛභව් සූර්යවංශි සතු වීම විශේෂත්වයක්. තරගය ඊයේ පැවැත්වුණේ ජායිපූර්හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා. ශුබ්මන් ගිල් ලකුනු 84 ක් රැස් කළා. ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 50 යි.
පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කන්ඩායම තරගය ජය ගත්තේ, පන්දු වාර 15 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කරමින්.
විශිට ඉනිමක් ක්‍රීඩා කළ වෛභව් සූර්යවංශි පන්දු 38 ක්දී ලකුණු 101 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 11 ක් ඇතුලත්. ඔහු ශතකය වාර්තා කලේ පන්දු 35 කට පමණක් මුහුණ දෙමින්.
එය ඉතිහාසයට එක් වුණේ IPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වේගවත්ම ශතකය ලෙසයි.
මෙම තරගාවලියේ වේගවත්ම ශතකයේ හිමිකරු වන්නේ පන්දු 30 කදී ශතකය වාර්තා කළ ක්‍රිස් ගේල්. ඔහු 2013 වසරේදී එම ශතකය වාර්තා කර තිබුණා.