2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.
පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමේ දී මේ පිළිබඳ අවසන් තීරණය තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රටවල් 8ක් තරගවැදීමට නියමිතයි.
තරගාවලියේදී නිල තරග කාලසටහන තවමත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා අවසන්.