අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී, නයිජීරියාව පරාජය කරමින්.
තරගාවලිය පැවැත්වුණේ, අයිවරි කෝස්ට් හිදී.
අවසන් තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, නයිජීරියාවයි. ඒ අනුව, පළමු අර්ධය නිමා වන විට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නයිජීරියාව සමත් වුණා.
දෙවැනි අර්ධයේදී අයිවරි කෝස්ට් කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා. ඒ, 62 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී.
නමුත්, නයිජීරියාව දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කළේ නැහැ. ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත් අයිවරි කෝස්ට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා.
ඔවුන් මෙම ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙයයි.